microworkers පාඩම 3

By // 3 comments:



Creating a Moneybookers Account

By // 4 comments:


හරි. දැන් කියන්න යන්නෙ Moneybookers account එකක් හදගන්න විදිහ. මේකත් paypal වගේ online account එකක්. Payapl හදල තියන අයට නම් මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.
Online bank account එකක් කියන්නෙ අපි internet එකේ ගණුදෙනු කරනකොට අපේ මුදල් ලංකාවේ bank එකට ගන්න. ඒ වගෙම මේ වගෙම account එකක් තියන කෙනෙක්ට මුදල් යවන්නත් පුළුවන්. මේ වගෙ account එකකින් ගණුදෙනු කරන එක ගොඩක් ලේසි ඒ වගෙම ගොඩක් ආරක්ෂිතයි.

හරි එහෙනම් දැන් කියල දෙන්න යන්නෙ moneybookers online bank account එකක් හදාගන්න හැටි.
මුලින්ම මෙතනින් moneybookers site එකට යන්න. එතකොට ඔයාල මේ වගේ page එකකට එයි.
(Image පෙන්නෙ නැත්තන් image එක උඩ click කරල බලන්න)


මේකෙ account type එක personal  ම තියන්න. එතකොට currency එක ඇත්තෙ EUR- EURO කියල. ඒක USD- U.S Dollar වලට change කරගන්න.


හරි මෙතනදි ඔයාලගෙ සාමාන්‍ය විදිහට details ටික දෙන්න. ඔයාල name එක දෙනකොට මෙහෙම දෙනව නම් හොඳයි. ඔයාලගෙ bank account එකක නම තියෙන්නෙ කොහොමද? Initials එක්ක. ඒ කියන්නෙ මුල් අකුරු හා first name එකේ මුල් අකුර විතරයි. උදාහරණයක් විදිහට රණවක ආරච්චිලාගේ කසුන් සමීර. එතකොට bank එකේ එයාගෙ නම සඳහන් වෙන්නෙ මෙහෙමනෙ. R. A. K. Sameera.  ඒ නිසා ඔයාල first name එකට අර ඔයාලගෙ එන්න ඕන මුල් අකුරු ටික දෙන්න. මේකෙ example එකේ විදිහට නම් First name R A K. Last name Sameera. Frist name දෙනකොට ඩොට් තියන්න එපා.
Address එකත් දෙකට කඩල දෙන්න. ඔයාලගෙ නගරෙට අදාල postal code එකත් දෙන්න. ඒක දන්නෙ නැත්තන් google එකේ search කරල බලන්න ඔයාගෙ city එකේ නම දීල. ඔයාගෙ වැඩ කරන phone number එකකුත් දීල Continue to step 2 click කරන්න.


Step 2 වලට අවහම ඔයාගෙ Email එක birthaday එක captcha code එක වගේ දේවල් ටික fill කරල tems and conditions වලට tick එක දාල create account දෙන්න.
ඊට පස්සෙ මේ වගේ එයි.


දැන් ඔයා කලින් දීපු Email එකට ගිහින් බලන්න එයාල confirmation Email එකක් එවල ඇති මේ වගේ.


මේකෙ verify yout Email address click කරන්න. ඊට පස්සෙ ඔයාගෙ account page එකට එයි.


මේකෙ ඔයාලට credit, debit card, bank account add කරන්න පුළුවන් මේකෙ card and Bank Accounts tab එක click කලහම.


මේ විදිහට ඔයාලට card bank account add කරල verify  කරන්නත් පුළුවන්. Verify හැටි මන් මෙතන කියන්න යන්නෙ නෑ. ඒක ටිකක් දිග වැඩි නිසා. ඒක දැන ගන්න ඔන කෙනෙක් ඉන්නව නම් මට fb එකට message එකක් දාන්න. මං කියල දෙන්නන්. එහෙම නැත්තන් ඔයාලට මේකෙ account එක පොඩ්ඩක් අත පත ගාලම හොයාගන්න පුළුවන් කොහොමද ඒක කරන්නෙ කියලත්. Moneybookers වලින් සල්ලි ගන්න මේක verify  කරන්නම ඕන නෑ. ඒකට වෙන විදිහක් තියනව ඒක මන් අන්තිමටම කියන්නම්.
ඔයාලගෙ address එක verify  කරන එක නම් හොදයි. ඒත් දැන් ඒ කරන ක්‍රමය වෙනස් වෙලා. කලින් නම් address එක verify  කරන්න ආවෙ ගෙදරට letter එකක්. ඒත් දැන් ඔයාලගෙ නමට එන මොනවහරි bill එකක් ඉල්ලනව internet bill එකක් වගේ මොනවහරි මාස 3කට වඩා අලුත් එකක්. Bank statement එකක් එනව නම් ඒක හරි. මේකෙත් ඕනම දෙයක් නෙමේ උනත් මේකත් ටිකක් තිබ්බොත් හොඳයි එතකොට ඔයාගෙ account එකේ credit limit එක වැඩි වෙනව. 


මේ verify කියල තියන link එක click කලහම ඔයාලට එයි මේ වගේ page එකක්.


  මේකෙ ඔයාල කියවල බලන්න ඉල්ලන්නෙ මං කිවුව වගේ bill එකක්. ඔයාලට මේ වගෙ bill එකක් එන්නෙ නැත්තන් ඔයාල ගාව තියන debit card එක හරි verify කරල තියන එක හොඳයි. ඒක නම් මේකට වඩා ලේසි වෙයි කියල හිතෙනව. ඒක කරන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් මට කියන්න. කොහොමත් address එක verify කලේ නැතත් ඔයාගෙ monyebookers account එකට සල්ලි withdraw කරන්න පුළුවන්.
ඔයාලට මේකට එන සල්ලි මේ site එක හරහ ගන්න පුළුවන්. ඒක ගොඩක් ලේසි ඒ වගේම ඉක්මනට ඒ වෙලාවෙම ගන්න පුළුවන්. Fee එකත් ගොඩක් අඩුයි.
හරි එහෙනන් මොනවහරි ප්‍රශ්න තියනවනම් අහන්න. මේ post ඉවරයි. ගිහින් එන්නම්…..

microworkers පාඩම 2. (Job එකක් කරන ආකාරය)

By // 3 comments:

Microworkers පාඩම 1.

By // 4 comments:

Learn Photoshop In Sinhala

By // 2 comments:
අද දෙන්නෙ ගොඩක් වටින පාඩම් මාලාවක්. ගොඩක් අය කැමති graphic design වලට. ඒත් ඉගෙනගන්න විදිහක් නැතුව ලත වෙන අවස්ථා ඇති. graphic designing කියන්නෙ photoshop, after effects, 3Ds max වගේ මේ වගෙ ගනණාවක්ම තියනව.

නමුත් මේව ඉගෙනගන්න ලොකු වියදමක් දරන්න වෙනව. නමුත් අද ඔයාලට photoshop සිංහලෙන්ම ඉගෙනගන්න පුළුවන් PDF Tutorial set එකක් ඔයාලට දෙනව මේකෙන් ඔයාලට ගෙදර ඉඳගෙනම photoshop ඉගෙනගන්න පුළුවන්.

 මෙතනින් download කරගන්න.

ඔබගේ පරිගණකයේ RAM එක මදිද? මෙන්න නියම විසඳුම

By // No comments:


ගොඩක් අයට තියන ගැටලුවක් තමා පරිගණකයේ තාවකාලික මතකය එහෙම එත්තන් ram එකේ මඳ බව. මේ නිසා ඔබගේ පරිගණකය මන්දගාමී වන අවස්ථා ඔබ ඕනෑ තරම් දැක ඇති. එයට ඉතා සාර්ථක විසඳුමක් තිබෙනව. 

මේක කුඩා application එකක්. MB 1ක ප්‍රමාණයක්. කුඩා නමුත් ඉතා වැදගත් කාර්‍යයක් කිරීමට මෙයට හැකියාව තිබෙනව. Install කිරීම් නැත. අපට අවශ්‍ය වූ විට මේ setup එක double click කොට අපගේ කාර්‍යය සිදු කර නැවත close කිරීමට පුළුවන්.

 මෙමගින් සිදු කරන්නේ පරිගණකයේ අනවශ්‍ය ලෙස වැය කරගෙන ඇති ram එකේ ඉඩ ප්‍රමාණය නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා සකස් කර දීමයි. එය ඔබට පහත image දෙස බැලීමෙන් වටහා ගත හැකි වේවි. 

මුලින්ම මෙතනින් මෙය download කරගන්න. 

පසුව එය මත double click කොට window එක open වූ පසු පහත ඇති optimize යන button එක click කරන්න. එවිට එම button එක අදුරු පැහැ වේවි. නැවත එය කලින් තිබූ පැහැයට හැරෙන තුරු මදක් සිටින්න. 
(Image නොපෙනේ නම් image එක උඩ click කර බලන්න.)


දැන් ඔබ task manager වෙත ගොස් ඔබගේ ram එකේ memory space එක බලන්න. Memory space එක වැඩි වී ඇති බව ඔබට පෙනේවි.
වැදගත්… මෙය එක් වරක් කළ පසු නැවත නැවත දිගින් දිගටම කිරීමෙන් වැළකෙන්න. අවශ්‍යම වූ විටකදී භාවිතා කරන්න.

මෙය ඇතම් පරිගණක වලදී මෙහි application window එකේ ඇති අකුරු නොපෙනී යාමට හැක. එසේ නමුත් ඔබට optimize button එක click කිරීමෙන් ඔබගේ කාර්‍යය සිදු අරගත හැක. 

Optimize කිරීමට පෙර.


Optimize කිරීමට පසු.


Tasks manager ගොස් ram එකේ space එක බලාගැනීමට නොදන්න අය tasks manager වෙත යන ආකාරය පහල image එක බලන්න. 



අපේ facebook group එකට set වෙන්නTHE ARROW

software නැතුව සුපිරිම විදිහට folders hide කරන්න

By // No comments:
cmd එහෙම නැත්තන් command prompt. මේක ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නෙ නැති වුනාට මේක තමා පරිගණකයක තිබෙන භයානකම application එක. මේකෙන් පුළුවන් පරිගණකයේ ඕනෑම දෙයක් හසුරවන්න සහ තවත් ගොඩක් දේවල් කරන්න.

මේ කියල දැන දේට නම් ගොඩක් අය කැමති වෙයි. සාමාන්යෙන් හැමෝම වගේ folders hide කරන්නෙ folder එකේ properties වලට ගිහින් hide check box එකට tick එක දාල. ඊට පස්සෙ control panel වල folder option වලට ගිහින් don’t show hide folders දීල.

ඒක තමා සාම්ප්‍රදායික ක්ර්මය. ඒත් ඉතින් මේක ගොඩක් අය දන්න නිසා තමන්ගෙ hide කරන folders වල ආරක්ෂාව නම් ගොඩක් අඩුයි. නමුත් මේ ක්‍රමයෙන් ඔයාලට control panel එකේ folder option වල hide folders show කලත් ඔයාලට මේ විදිහට hide කරපු folders හොයාගන්න බෑ. මේ විදිහට hide කරන folders  නැවත ලබාගන්නත් අපට cmd එක අවශ්‍ය වෙනව.

 හරි ඒක මෙහෙමයි කරන්නෙ. මුලින්ම cmd එක open කරගන්න. Windows 7 නම් start menu එකේ search bar එකේ cmd කියල type කරල ගන්න. Windows 8 වලත් search bar එකේ සමාන්ය විදිහට cmd type කරල open කරගන්න.

දැන් ඔයාලට hide කරන්න ඕන folder එක open කරගන්න.
දැන් cmd එකේ මෙහෙම type කරන්න. attrib +s +h 


දැන් ඔයාලගෙ hide කරන folder එක තියන path එක copy කරගන්න. Path එක හොයාගන්නෙ ඔයාල open කරන් ඉන්න folder එකේ window එක උඩ තියන address bar එකෙන් මේ විදිහට.


දැන් ඒ path එක අර කලින් cmd එකේ type කරපු command එකට ඉදිරියෙන් space එකක් තියල past කරන්න. මතක තියාගන්න cmd එකේ past කරනකොට ctrl+v ගහල short cut වලින් past කරන්න එපා මොකද cmd එකේ short cut වැඩ කරන්නෙ නෑ.
හරි දැන් enter button එක press කරන්න. දැන් window එක close කරල නැවත ඒ folder එක තිබුණ hard එකේ patrician එකට ගිහින් බලන්න. ඒ folder එක hide වලා තියෙයි. 
ඒ folder එක නැවත ලබා ගන්නෙ අර දීපු command එකේ අනිත් පැත්ත කරල. ඒ කියන්නෙ,
attrib –s –h ඊළඟට අර hide කරපු folder එකේ path එක දෙන්න.

 මේක මතක තියාගන්න. මේ විදිහට folder එක hide කරන්න command එක දීල enter press කලහම ඒ විදිහෙ command එකක් ඔයාගෙ system එකේ නෑ කියල error එකක් එනව නම් කරන්න තියෙන්නෙ මේකයි.
cmd එක run කරන්න administrator විදිහට. ඒක කරන්න ලොකු දෙයක් නෑ. OS එක windows 7 නම් start menu එකෙන් cmd type කලහම කෙලින්ම open කරන්නෙ නැතුව cmd type කලහම ඒ cmd එක click කරන්නෙ නැතුව cmd එක උඩ right click කරන්න. එතකොට එන menu option වල තියන run as administrator කියන එක click කරන්න. එච්චරයි. ඊට පස්ස කලින් වගේ command එක දෙන්න. 

Windows 8 නම් සුපුරුදු විදිහට search bar එකේ cmd type කරල ඒක උඩ right click කරල පහල එන menu එකේ  තියන run as administrator click කරල commad එක දෙන්න.
 Folder එක hide කලාට පස්සෙ ඒ folder එකේ path එක කොහෙ හරි save කරගන්න note pad එකක වගේ. එහෙම නැත්තන් path එක ලියන හැටි ඉගෙන ගන්න. අමුතුවෙන් දෙයක් නෑ ඒ path එක තියන විදිහට අතින් type කරන්න ඉගෙන ගන්න.

මේක තවත් තේරුම් ගන්න මම පොඩි video එකක් හැදුව තේරුන් නැති කෙනෙක් ඉන්නව නම් ඒක බලන්න.
full screen දාගෙන බලන්න. පෙන්නෙ නැත්තන්.


අපේ facebook group එකට set වෙන්න.  THE ARROW